කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයට චීන ජනාධිපති ෂී ජින්පිංගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී සහභාගී වන බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂ සැසිවාරයේ පොදු විවාදයට වැන්ග් සහභාගී වන අතර, වීඩියෝ සබැඳිය හරහා අදහස් දක්වනු ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශක පැවසීය.
දෙදිනක් පුරා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ විශේෂ සැසිවාරය බොහෝ පාර්ශ්වකරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, මෙතෙක් ගෝලීය ප්‍රතිචාරය පිළිබිඹු කිරීමටත්, එක්සත් සම්බන්ධීකරණයක් හා ජනතාව කේන්ද්‍ර කරගත් මාවතක් ඉදිරියට ගෙන යාමටත් අවස්ථාව ලබාදෙන බව එක්සත් ජාතීන් පැවසීය.
මීට වසර 75කට සංවිධානය නිර්මාණය වීමෙන් පසු ඇති වූ විශාලතම ගෝලීය සෞඛ්‍ය අර්බුදය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ කොවිඩ්-19 වසංගතය මේ වනවිට මිලියන 64කට අධික පිරිසකට ආසාදනය වී මිලියන 1.49කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත පෙන්වා දෙයි.