කොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තා වූ විට සේවක ලැයිස්තු ලබාගෙන සියලුම සේවකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ නිරෝධායන මධයස්ථාන වෙත යොමුකර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
සේවකයින් සොයාගත්ත ඔවුන් ඇසුරුකළ අය පිළිබඳව මෙන්ම ඔවුන් ගමන් කළ ස්ථාන පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයිනි පසුගිය සති දෙකක කාලය තුළ ඇසුර කළ අය සිටීනම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.