කාන්තා නායකයන් නව කොරෝනා වෛරස අර්බුදය පාලනය කිරීම සඳහා වඩා හොඳ කාර්යයක් ඉටු කරමින් සිටින බව යුරෝපීය මහ බැංකුවේ ප්රධානී ක්රිස්ටීන් ලගාඩ් පවසයි.
යුරෝපීය මහ බැංකුවේ ප්රධානියා වොෂිංටන් පෝස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, මෙම කාන්තා නායකයන්ගේ අවංක සන්නිවේදනය සහ ඔවුන් සැලකිලිමත් බව පෙන්වීම ගැන ප්රශංසා කරමින් කතා කළාය.
ප්රතිපත්ති හා සන්නිවේදනයේ වෙනස්කම් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන රටවල තරමක් සිත් ඇදගන්නාසුලු බවද ඇය පැවසුවාය.
ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන්ගේ පැහැදිලි කිරීම් පවා වඩා පැහැදිලි ලෙසත්, නරක ආරංචියක් වේවා එයද වඩා පැහැදිලිව ජනතාව වෙත රැගෙන ගොස් ඇති බවත්, එසේම දැඩි නිර්දේශ පැනවීමේදී පැකිලී නොමැති බවත් ලගාඩ් වැඩිදුරටත් පැවසුවාය.