කොවිඩ්-19 වෛරසය ස්වීඩනය පුරා ව්‍යාප්තවීම වේගවත් වීමත් සමග එරට බලධාරීන් විසින් රාත්‍රී 10න් පසුව බාර් සහ අවන්හල් තුළ තවදුරටත් මත්පැන් පානය කිරීම තහනම් කරමින් මත්පැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
එරට රජය විසින් වහාම යෝජනා කළ මෙම පියවර, රට තුළ වෛරස ආසාදිතයන්ගේ වැඩිවීම අවම කිරීමේ උත්සාහයකි.
ස්වීඩනය මේ වනවිට කොවිඩ් -19 මරණ හතර ගුණයකින් වැඩි වී ඇති අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 6,406ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
කෙසේ වෙතත් ස්වීඩන් රජය බොහෝ දුරට රඳා පවතින්නේ සමාජ දුරස්ථ පියවර සහ කොවිඩ් වෛරස් සීමා කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නීතිරීතිවලට වඩා නිර්දේශ මතය.
අගමැති ස්ටෙෆාන් ලොෆ්වන් මේ සතියේ එරට ජනතාවට පවසා සිටියේ, "ජිම් එකට යන්න එපා, පුස්තකාලයට යන්න එපා, රාත්‍රී ආහාර ගන්න එළියට යන්න එපා, සාද නැහැ, ඒවා අවලංගු කරන්න." යනුවෙනි.