ට්‍රම්ප්ගේ දියණිය ඉවාන්කා සහ බෑනා ජරෙඩ්ගේ දරුවන් තිදෙනා ඔවුන් අධ්‍යාපනය ලැබූ වොෂිංටනයේ සුඛෝපභෝගී පෞද්ගලික පාසලෙන් හදිසියේම ඉවත් කරගෙන තිබේ.
ඒ ජනපති දියණිය සහ බෑනා පසුගිය කාලය තුළ ප්‍රසිද්ධියේම කොවිඩ්-19 නීතිරීති උල්ලංඝනය කරමින් හැසිරීම තුළ පාසලේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ද වසංගතයට නිරාවරණය වීමේ අවදානම ගැන පාසල් බලධාරීන් නිරන්තරයෙන් කණස්සල්ල පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
විශේෂයෙන්ම කුෂ්නර් සහ ඉවන්කා කොවිඩ්-19 පූර්වාරක්ෂාව පිළිබඳ නීතිරීති සඳහා පාසලේ මව් අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශ ගණනාවක් නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව කියැවෙයි.
කොවිඩ්-19 හේතුවෙන් දැනට සීමිත පුද්ගල ඉගෙනුම් පවත්වනු ලබන මෙම පාසල, රෝග පාලනය හා වැළැක්වීමේ මාර්ගෝපදේශ මත පදනම්ව කාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කෙරෙන පරිදි පවත්වාගෙන ගොස් ඇත. මේ තත්ත්වය තුළ ඉවන්කාගේ සහ කුෂ්නර්ගේ හැසිරීම දැඩි විවාදයට බඳුන්වී ඇති අතර, අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මෙසේ සිය දරුවන් පාසලෙන් ඉවත් කරගැනීමට සිදුව තිබේ.