කෙන්යාව රාත්‍රී ඇඳිරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරයි
කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීමේ අරමුණින් කෙන්යාව රාත්‍රී ඇඳිරි නීතිය මාර්තු 12 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති උහුරු කෙන්යාටා කාර්යාලය ඉරිදා පැවසීය.
ඉරිදා කල් ඉකුත්වීමට නියමිතව තිබූ රාත්‍රී ඇඳිරි නීතිය මෙසේ දීර්ඝ කළ අතර, එය දේශීය වේලාවෙන් රාත්‍රී 10.00ත් අලුයම 4.00ත් අතර පවතී.
ජර්මනිය කොරෝනා අගුලු දැමීම දීර්ඝ කිරීමට සූදානම්
කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින අතර, රෝහල් සහ සෞඛ්‍ය සේවකයින්ට විශාල පීඩනයක් එල්ල වීම නිසා ජර්මනිය ජනවාරි 10යින් පසුව ජාතික අගුලු දැමීමක් සිදු කිරීමට ඉඩ ඇති බව එරට දේශපාලඥයන් සති අන්තයේදී පැවසීය.
චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රාදේශීය නායකයින් අඟහරුවාදා රැස්වීමෙන් අනතුරුව මෙම සීමාවන් දීර්ඝ කිරීමට එකඟ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් දිගුව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.
එක්සත් රාජධානියේ දැඩි අගුලු දැමීමේ සීමා මැද පාසල් ඇරෙඹේ
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉරිදා කියා සිටියේ කොවිඩ්-19 ආසාදන දිගින් දිගටම ඉහළ යමින් පවතින බැවින් දැඩි අගුලු දැමීමේ සීමාවන් පැනවිය හැකි නමුත් පාසල් ආරක්ෂිත බවත්, ළමයින් දිගටම ඊට සහභාගී විය යුතු බවත්ය.
ඉදිරි මාස තුන ඇතුළත මිලියන දස දහස් ගණනක් එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බවත් බොරිස් පැවසීය.
වෛරසය පාලනයට තායිලන්තයත් සීමාවන් දැඩි කරයි
කොරෝනා වෛරස ආසාදිත රැල්ලක් මධ්‍යයේ තායිලන්ත රජය ඉරිදා රටපුරා ඇතැම් ව්‍යාපාරික කටයුතු නවතා දැමීමට නියෝග කළ නමුත් සමහර පළාත් ආණ්ඩුකාරවරුන්ට තමන්ගේම සීමාවන් පැනවීමට බලය ලබාදී තිබේ. එමෙන්ම පළාත් අතර සංචාරය නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
ඉරිදා එරට නව කොරෝනා වෛරසය ආසාදිතයන් 315 ක් සනාථ කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් දේශීය සම්ප්‍රේෂණයන් බව කියයි. පසුගිය ජනවාරි මාසයේ පළමු සිද්ධියෙන් පසුව සමස්ත ආසාදිතයන් 7,694ක් සහ මරණ 64ක් තායිලන්තයෙන් වාර්තා වී තිබේ.