කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයින්ගෙන් 68% භාවිතය අඩුකර ඇති බව ශ්‍රීලංකාව තුළ සිදුකළ සමීක්ෂණයකන් අනාවරණය කරගෙන තිබේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ධානය(ADIC) විසින් , මධ්‍යසාර සහ දුම්වැටි භාවිතකරමාන් සිටි පුද්ගලයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගෙන් එම ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිතව සිදු වු වෙනස්කම් පිළිබඳව සිදුකළ සමීක්ෂණයකදී මෙම කරුණු හෙලිව ඇත.
පසුගිය 01 දා සිට 10 දා දක්වා කාලය තුළ දිවයිනව ආවාරණය වන පරිදි තෝරාගත් පුද්ගලයින් 2000 ට වැඩි පිරිසක් මෙම සමීක්ෂණය සඳහා යොදවාගත් බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ධානය(ADIC) සදහන් කළේය.
මෙම පිරිස අතරින් 54% ක් මධ්‍යසාර භාවිතය නවතා ඇත්තාතේ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් නිසා බවත් ඒ අතුරින් 17% ක් මත්පැන් භාවිතාකිරීමට අවශ්‍ය නොවන බව සිතා එයින් වැළකී ඇති බවත් සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.
මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා මත්පැන් භාවිතය සීමාකරගැනීමට තමන්ට හැකිවු බව මෙම සමීක්ෂණයේදී 84% ක් දෙනා ප්‍රකාශ කර ඇති අතර එලෙස මත්පැන් හල්වසා තැබීම ප්‍රයෝජනවත් වු බව පවසා ඇත. එය එසේ නොවුන බව පවසා ඇත්තේ 16% ක් පිරිසක් බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ධානය(ADIC) සහන් කළේය.
මෙම කාලය තුළ දුම්පානය කළ පුද්ගලයින්ගෙන් 20% ක් එය සම්පුර්ණයෙන්ම නවතා ඇති බවත් 48%ක් දුම්පානය අඩුකර ඇති බවත් අනාවරණය වී ඇත. එමෙන්ම දුම්පානට කළ පුද්ගලයින්ගෙන් 51% ක් ප්‍රකාශ කර ඇත්තේ වසංගත තත්වය පහව යාමෙන් පසුව උවස දුම්වැටිභාවිතය සීමාකිරීමට කටයුතු කරන බවය.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ධානය(ADIC) ආයතනය සිදුකළ සමීක්ෂණයේ තොරතුරු එසේ උවද මත්පැන් හල් යළි විවෘත කිරීමට පසුගියදා රජය කටයුතු කළේය.