කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් සාඕ පවුලෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සම්බා සැණකෙළිය ලබන වසරේ මැයි හෝ ජුනි මාසය දක්වා කල් දමා ඇති බව නගරාධිපති බෘනෝ කෝවාස් නිවේදනය කරයි.
මෙම තීරණයට පසුගිය වසරේ සති තුනක් තුළ මිලියන 15ක ජනතාවක් ආකර්ෂණය වූ සම්බා පාසල් මගින් පවත්වන නර්තන පෙළපාළි මෙන්ම, වීදි සංගිත කණ්ඩායම් මගින් පවත්වන නර්තන පෙළපාලි යන දෙකම සම්බන්ධ වන බව නගරාධිපතිවරයා පැවසීය.
"අපි තවමත් සම්බා පාසල්, වීදි සංගීත කණ්ඩායම් සහ අනෙකුත් නගර සමග නව දිනයක් පැවසීමට කිරීමට කතා කරමින් සිටිනවා. එය බොහෝ විට මැයි අග සිට ජුනි මස මුල දක්වා විය හැකියි" යනුවෙන් කෝවාස් පැවසීය.
නව කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම බ්‍රසීලියානු ක්‍රිස්තියානි පල්ලිවල ඇදහිලිවන්තයන් එක්රැස් කරන ආගමික උත්සවයක් වන ජේසුස් වහන්සේ වෙනුවෙන් වූ පාගමන නොවැම්බර් 2දා දක්වා පසුපසට තල්ලු කළද, දැන් එයද අවලංගු කර ඇති බවත්, පසුගිය වසරේදී මෙම උත්සවය මිලියන 3ක ජනකායක් ආකර්ෂණය කරගත් බව කෝවාස් පැවසීය.
නව කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රසීලය දැඩි අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම උත්සව කල් දැමීම හෝ අවලංගු කිරීම සිදුව ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.