කොවිඩ්-19 වෛරසය හමුවේ බැටකමින් දැඩි අර්බුදයකට ලක්ව ඇති ඇෆ්ගනිස්ථාය වෙත හදිසි ආහාර ආධාර තොගයක් ලබාදීමට චීනය පියවර ගෙන තිබේ.
කාබුල් නුවරදී ඊයේ (25දා) පැවති උත්සවයකදී ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති වැන්ග් යූ විසින් මෙම ආධාර ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ අමාත්‍ය ගුලාම් බහවුඩින් ජයිලානි වෙත භාර දෙන ලදී.
මෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්රතිලාභ සැලසී ඇති බව කියයි.
මීට අමතරව කොවිඩ්-19 සමග සටන් කිරීම සඳහා චීනය ඇෆ්ගනිස්ථානයට වෛද්‍ය සැපයුම් කිහිපයක් ලබා දී ඇති අතර ඉක්මනින්, එන්නත් මාත්‍රා තොගයක්ද පරිත්‍යාග කරන බව තානාපතිවරයා සඳහන් කළේය.