නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ඇති වූ නිවාස අර්බුදය නිසා පදිංචිව සිටි නිවාස අත්පත් කරගැනීම් හෝ ඒවායින් නෙරපා හැරීමට ලක්වූ පුද්ගලයන්ට ඇ.ඩොලර් 5,000ක ප්‍රදානයක් ලබාදීමට ජනප්‍රිය ගායිකා බියොන්සේ තීරණය කර තිබේ.
2021 ජනවාරි 7 වැනි දින සිට ප්‍රදාන සඳහා ඉල්ලුම් කළ හැකි බව ඇය සිය වෙබ් අඩවියේ අඟහරුවාදා නිවේදනය කළ අතර, ජනවාරි අගදී තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ප්‍රතිපාදන යවන බව ඇය කියයි. ඒ අනුව ඇය සමස්තයක් ලෙස ඇ.ඩො.500,000ක ප්‍රදානයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.
එක්සත් ජනපදයේ අයවැය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳ මධ්‍යස්ථානයේ සංගණන දත්ත විශ්ලේෂණයකට අනුව, වසංගතය තුළ ආදායම අහිමි වූ කුලී නිවැසියන් මිලියන 9.2ක් එරට තුළ දැඩි පීඩාවකට ලක්ව සිටියි.