එක්සත් රාජධානියේ, දකුණු අප්‍රිකාවේ හෝ බ්‍රසීලයේ සොයාගෙන ඇති සහ දැන් බොහෝ රටවල දක්නට ලැබෙන කොරෝනා වෛරසයේ නව ප්‍රභේද තම සමාගමේ එන්නතෙහි කාර්යක්ෂමතාවට බලපානු ඇතැයි තමන් විශ්වාස නොකරන බව මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බන්සල් පවසයි.
වාර්ෂිකව පැවැත්වෙන ජේපී මෝගන් සෞඛ්‍ය සම්මන්ත්‍රණය අමතමින් ඔහු කිය සිටියේ, "වෛරසය කාලයත් සමග අඛණ්ඩව විකාශනය වෙමින් පවතින බැවින් ප්රශ්නය වඩාත් මධ්‍ය කාලීන යැයි මා සිතනවා." යනුවෙනි.
"මම කෙටිකාලීනව කනස්සල්ලට පත්වන්නේ නැහැ. නමුත් අපි එය ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. මන්දයත් මම හිතන්නේ, අප නව එන්නත් වර්ග පාරට බැසීමට අවශ්‍ය ලෝකයකට ගමන් කරනවා විය හැකියි. නමුත් එය කෙටි කාලීනව නොවෙයි" ඔහු පැවසීය. .
මේ අතර ෆයිසර් එන්නත වෛරසයේ නව විකෘතීන් හා ප්රභේදයන්ට ප්‍රතිචාර දැක්වීමේදී කළ හැකි දේ පිළිබඳව තමා වැඩි විශ්වාසයකින් පසුවන බව ෆයිසර් සභාපති ඇන්ජෙලා හ්වාන්ග් පවසයි.
"අප වටහා ගත යුතු දෙය නම් වෛරසය වෙනස් විය හැකි අතර, අපට සම්පූර්ණයෙන්ම නව එන්නතක් අවශ්‍ය විය හැකි බවයි" හ්වාං පැවසීය.
කෙසේ වෙතත් වෛරසය වෙනස් වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමටද ෆයිසර් සූදානම් බවත් සඳහන් කරමින් හ්වාං පැවසුවේ, "mRNA තාක්ෂණයේ සුන්දරත්වය එන්නේ එයයි. අපට ජානමය අනුක්‍රමය සමග, සති හයක් වැනි කෙටි කාලයක් තුළ ඉතා කෙටි පිළිවෙලකින් නව එන්නතක් ලබා දීමට හැකි වනු ඇති" යනුවෙනි.
mRNA තාක්ෂණය භාවිත කරන එන්නත්වලට, එන්නත් සූත්‍රය ඉක්මනින් වෙනස් කිරීමට ඉඩ සැලසීමෙන් වෛරසයක් කෙතරම් විකෘති වුවද එන්නත මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඉහළ නැංවූ එන්නතක් ලබාදීමට හැකිබව කියයි.