බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අයෙකු සමග සම්බන්ධ වීමෙන් පසුව ස්වයං හුදෙකලාවකට යොමුවූ බව ඩව්නිං වීදියේ ප්‍රකාශකයෙක් පවසයි.
"කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අයෙකුගේ සම්බන්ධතාවක් නිසා ස්වයං හුදකලා වීමට අවශ්‍ය බව සෞඛ්‍ය අංශ විසින් අද අගමැතිවරයාට දන්වා තිබෙනවා" මීට පෙරද කොවිඩ්-19 ආසාදිතව සිටි ජොන්සන් ගැන ඔහුගේ ප්‍රකාශකයෙකු කීය.
"අගමැතිවරයා නිරෝධායන නීතිරීති අනුගමනය කරන අතර, ඒ අනුව මෙසේ ස්වයං හුදෙකලාවට යොමුවුණා" යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. "කෙසේ වෙතත් ඔහු කොරෝනා වසංගතයට රජයේ ප්‍රතිචාරයට නායකත්වය දීම ඇතුළුව ඩව්නිං වීදියේ සිට වැඩ කරනු ඇති. ඒ වගේම අගමැතිවරයා කිසිදු රෝග ලක්ෂණයකින් තොරව, සනීපෙන් සිටින බවද පැවසිය යුතුයි" යනුවෙන් ප්‍රකාශකයා පැවසීය.
ඩවුන්ං වීදියේදී ඇෂ්ෆීල්ඩ් හි පාර්ලිමේන්තු මන්ත්‍රී ලී ඇන්ඩර්සන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් බ්‍රහස්පතින්දා උදෑසන ජොන්සන් හමුවිය. ඇන්ඩර්සන් පසුව කොවිඩ්-19 රෝග ලක්ෂණ වර්ධනය කළ අතර දැන් ධනාත්මක බව පරීක්ෂා කර ඇත.