පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් ඊයේ (28දා) දිනයේ වතිකානුවේදී බැතිමතුන් පිරිසක් අමතමින් පැවසුවේ, ඔවුන්ට ආචාර කිරීමට තමාට වේදිකාවෙන් පහළට පැමිණීමට අවස්ථාවක් නොමැති බවය.
"මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්." පාප් තුමන් පැවසූහ.
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් සති පතා සිදුකරන මෙම දේශනයෙන් අනතුරුව වේදිකාව මතට ගොඩවූ කිහිප දෙනෙකුට ආශිර්වාද කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නමුත් එම අවස්ථාවේදී පාප් තුමන් මුඛ ආවරණයක් පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යම් විවාදයක්ද පසුව මතුව තිබුණි. එහිදී වතිකානු නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ පාප් තුමන්ට ඉදිරියේදී ජනතාවට සමීප වූ අවස්ථාවල මුඛ ආවරණයක් පැලඳ සිටීමට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවය.