උත්සව සමයේ නිවාඩු ගතකිරීම සඳහා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පිරිස් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාන් දැඩිව හෙළා දැක ඇති අතර, ඔවුන් අන්‍යයන් ගැන නොසිතා කටයුතු කර ඇති බව අවධාරණය කරයි.
වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පාප්තුමා ඉරිදා පැවසීය.
"ඔවුන් හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් නිවසේ රැඳී සිටින අය ගැන, අගුලු දැමීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බොහෝ අයගේ ආර්ථික ගැටලු ගැන, රෝගී ජනතාව ගැන ඔවුන් සිතුවේ නැහැ" ෆ්‍රැන්සිස් පාප්තුමා ඉරිදා පැවසීය.
"ඔවුන් සිතුවේ නිවාඩුවක් ගත කිරීම සහ විනෝද වීම ගැන පමණයි. මෙය මට මහත් වේදනාවක් ගෙන දුන්නා" පාප්තුමන් වැඩිදුරටත් පැවසීය.