බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදී ඇති බව එරට බෝවන රෝග පිළිබඳ සංගමයේ ප්‍රධානියා පවසයි.
ඔහුගේ ප්‍රතිඵලය සෘණාත්මක බව පරීක්ෂා කළ බව ඊයේ (26දා) නිවේදනය කළේ ජූලි 7 වැනි දින ජනාධිපතිවරයාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව නිවේදනය කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂණ ගණනාවක් සිදුකිරීමෙන් අනතුරුවය. සෙනසුරාදා උදෑසන බොල්සොනාරෝ යතුරුපැදියක නැගී මුඛ ආවරණයක් හෝ නොමැතිව තම ආධාරකරුවන්ට ආචාර කිරීමට පැමිණි තිබූ අතර, සම්පූර්ණ සංදර්ශනයක් ඔහු රඟදැක්වූ බව බ්‍රසීල මාධ්‍ය පවසයි.
කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 1,000කට වඩා දිනපතා වාර්තා වන රටක ජනාධිපතිවරයෙකු ලෙස බොල්සොනාරෝගේ හැසිරීම නරක ආදර්ශයක් බව බෝවන රෝග සංගමයේ සභාපති වෛද්‍ය එස්ටෙවෝ අර්බානෝ අවධාරණය කළේය.
"එක් සෘණාත්මක පරීක්ෂණයකින්, ඔබ වෙනත් පුද්ගලයෙකු වෙත වෛරසය සම්ප්‍රේෂණය නොකරන බවට ඔබට සහතික විය නොහැකියි. මෙම වෛරසය ප්‍රතිශක්තිය ගෙන එන්නේද, නැතහොත් මෙම ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේද යන්න අපි නිශ්චිතවම දන්නේ නැහැ" අර්බානෝ වැඩිදුරටත් පැවසීය.