2021 නව වසර උදාව වෙනුවෙන් 2020.12.31 මධ්‍යම රාත්‍රිය ලෝකයේ කොවිඩ්-19 වංසගතය ජයගත් රටවල පෙර පරිදිම ජයටම පැවති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන් චීනයේ වූහාන් නගරයේ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ, තායිවානයේ තායිපේ, වියට්නාමයේ හැනෝයි නුවර ආදී වශයෙන් 2021 සැමරුම් අති උත්කර්ෂවත් ආකාරයකින් පවත්වා තිබේ.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි යන නගරවල යම් යම් සීමා යටතේ වුවද මෙවර සැමරුම් සඳහා තරමක ජන සහභාගීත්වයක් පැවතී ඇති අතර, චීනයේ ෂැංහයි නගරයේද ඒ ආකාරයෙන්ම සිදුව ඇත.
කෙසේ වෙතත් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය, එක්සත් රාජධානියේ ලන්ඩනය, ප්‍රංශයේ පැරීසිය, ජර්මනියේ බර්ලීනය ආදී ඇමෙරිකානු හා යුරෝපා රාජ්‍යයන් රැසක් මෙවර නව අවුරුදු සැමරුම් කොවිඩ් වසංගතය විසින් අවුරා තිබුණි.
අසල්වැසි ඉන්දියාවේද තත්ත්වය එසේම වූ අතර, ඉන්දියානුවන් කොවිඩ්-19 වෛරසය ආකාරයේ අනුරුවක් සාදා එය ගිනි තබා මෙවර නව අවුරුදු උදාව සැමරූ ආකාරයක්ද විදෙස් වාර්තාවල දැකිය හැකි විය.
මෙහි දැක්වෙන්නේ ලොව පුරා නව අවුරුදු සැමරුණු ආකාරය විදෙස් මාධ්‍ය කැමරා කාචයන්ගේ සටහන් වූ ආකාරයයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ්
චීනයේ වූහාන්
තායිවානයේ තායිපේ
වියට්නාමයේ හැනෛා්යි
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්
ඩුබායි
තායිලන්තය
ඔස්ට්‍රියාව
ජර්මනියේ බර්ලීන්
බ්‍රසීලයේ සුප්‍රසිද්ධ කෝපකබානා වෙරළ
චෙක් ජනරජය
ඊජිප්තුව
ෆින්ලන්තය
ග්‍රීසිය
ඉතාලිය
ප්‍රංශයේ පැරීසිය
කොසෛා්වෝ
ස්පාඤ්ඤය
වතිකානුව
යුක්රේනය
එක්සත් රාජධානියේ ලන්ඩනය
චීනයේ ෂැංහයි
ඉන්දියාවේ මුම්බායි
උතුරු කොරියාවේ ප්යොන්ග් යැන්ග්
පෝලන්තය
රුසියාවේ මොස්කව්
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්