නවසීල්නතයේ සෙනසුරාදා පැවැත්වීමට නියමිත මැතිවරණවලදී නවසීලන්තයේ අග්රාමාත්ය ධුරය සඳහා වත්මන් නායිකාව වන ජසින්ඩා ආර්ඩේන් දෙවැනි වටයටත් ගමන් කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ පවසති.
බොහෝදුරට ඇය ඵලදායී නායකයෙකු ලෙස ඇගේ ප්රතිරූපය නවසීලන්තය තුළ මෙන්ම ලෝකය තුළම ඉහළට ඔසවා තැබුවේ නව කොරෝනා වසංගතය සාර්ථකව හැසිරවීමට කටයුතු කළ නිසාය.
අගෝස්තු මාසයේදී ඕක්ලන්ඩ් හි නව කොරෝනා වෛරසය යළිත් මතුවීමත් සමග රජය වෙත පැවති සහයෝගය යම් ලෙසකින් බිඳ වැටුණනත්, ඉතා කෙටි කලකින් එම පොකුරද පාලනය කිරීමට ඇය සමත්වීමත් සමග, මෑත මත විමසුම්වලින් පෙනී යන්නේ එය තවමත් 46%ක් ඉක්මවූ ඡන්ද ප්රතිශතයක් බවය. නමුත් එම මත විමසිම්වලදී එරට ප්රධාන විපක්ෂයට පවතින 31%ක පමණ ඡන්ද ප්රතිශතය හා සසඳන විට ඇය පැහැදිලිව ඉදිරියෙන් සිටින බව විචාරකයෝ පෙන්වා දෙති.
2019 මාර්තු මාසයේදී නවසීලන්තයට පල්ලියක් වෙත එල්ල වූ ම්ලේච්ඡ ප්රහාරය හමුවේද නොසැලී සිටි ජසින්ඩා, ලෝකයේ ප්රබලතම රටවල් අඩපණව දෙපයින් වැටී සිටින නව කොරෝනා වසංගතය හමුවේ ලෝකයටම ආදර්ශයක් ලබාදීම ඇගේ ජනප්රියත්වය මෙලෙස දිනෙන් දින ඉහළ යාමත් සමග අද වනවිට නවසීලන්තයේ 'ජසින්ඩා උන්මාදයක්' බවට පත්ව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.