ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉතාලියේ කොරෝනා වෛරස සාම්පල නැවත පරීක්ෂා කර ඇති අතර, එමගින් කොවිඩ්-19 ඇති කරන වෛරසය චීනයේ හඳුනා ගැනීමට පෙර ඉතාලිය තුළ තිබෙන්නට ඇතැයි යෝජනා කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය SARS-CoV-2 හි මූලාරම්භය පිළිබඳ විමර්ශනයේ මීළඟ පියවර සූදානම් කරමින් සිටින විට මෙය අනාවරණය වෙයි. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ද අගෝස්තු මාසය වන විට අනාවරණය කර ගත හැකි ඕනෑම සාක්ෂියක් සපයන ලෙස තම බුද්ධි අංශවලින් වෙන වෙනම ඉල්ලා තිබේ.
කොවිඩ්-19 ප්‍රථම වරට මධ්‍යම චීන නගරයක් වන වුහාන් හිදී 2019 දෙසැම්බර් මාසයේදී හඳුනා ගත් බවට මතය පැවතියත්, ඉතාලි පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඊට මාස කිහිපයකට පෙර පිළිකා රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් වෛරසයට ප්‍රතිදේහ සම්බන්ධ වී ඇති බවයි.
එම අධ්‍යයනය පිළිබඳව කටයුතු කළ මිලාන් පිළිකා ආයතනයේ විද්‍යාත්මක අධ්යක්ෂ ජියෝවානි අපොලෝන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම පරිදි නෙදර්ලන්තයේ රසායනාගාරයක් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇති බවයි. රොයිටර් පුවත් සේවයට අනුව, එම පරීක්ෂණවල ප්‍රතිඵල අනාවරණය කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම මීට සම්බන්ධ නොවූ තවත් අධ්‍යයන ගණනාවක්ම 2019 අවසානය වනවිට ඉතාලියේ කොවිඩ්-19 පවතින බව පෙන්වා දී ඇත.
"මුල් පර්යේෂණ පත්‍රය ප්‍රකාශයට පත්කළ පර්යේෂකයන් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ වී සිටිනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා හවුල්කාර රසායනාගාර සමග සහයෝගීතාවයක් ඇති කර තිබෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. වෛරසය පිළිබඳව මීට පෙර සොයාගත් අනෙකුත් සාම්පලද පරීක්ෂාවට ලක් කර ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙම ගැටලුව ගෝලීය වශයෙන් කතාබහට ලක්වූ අතර, එක්සත් ජනපදයේ වාර්තා අනුව චීන පර්යේෂණ මධ්‍යස්ථානයකින් වෛරසය පැතිරීමක් ගැන පුන පුනා කීවේය. නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික පරීක්ෂණයෙන් මෙය අතිශයින්ම අසීරු සිදුවීමක් බව සොයා ගත් නමුත් වැඩිදුර පර්යේෂණ සඳහා කැඳවුම් කළේය. එනමුදු චීනය මෙම විද්‍යාගාර න්‍යාය ප්‍රතික්ෂේප කර ඇති අතර, ප්රශ්නය දේශපාලනීකරණය වීමට එරෙහිව අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයද කියා සිටියේ වෛරසය සමග දේශපාලනය නොකරන ලෙසය.
ඒ අනුව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයට ගොස් සිදුකළ විමර්ශනයන් හරහාද, විද්‍යාත්මක සම්මුතිය නම් වෛරසය බොහෝ විට සතුන්ගෙන් මිනිසුන් වෙත පැතිරී ඇති බවය.
එසේම ඕනෑම නව වෛරස් හඳුනා ගැනීම සඳහා වුහාන්ට ඉතා දියුණු අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අතීතයේ දී පවසා ඇති අතර, එබැවින් SARS-CoV-2 මුලින්ම හඳුනාගනු ලැබූවත්, නව කොරෝනා වෛරසය තිබූ පළමු වැනි ස්ථානය බව එයින් අදහස් නොකෙරෙන බව වැඩිදුරටත් කියැවේ.