ඉන්දියාවේ දෙවැනි මාරාන්තික රැල්ල දිගින් දිගටම ඉහළ යමින් පවතින තත්ත්වයක දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසී ගොස් ඇති අතර, මේ තත්ත්වය නිසා බොහෝ පවුල් පවුල් තාවකාලික සමූහ ආදාහනාගාර වෙත යොමුවී තිබේ.
මරණ බියෙන් ඇළලී යන සහ දැඩි ශෝකයක් උපදවන මෙම දර්ශන මගින් ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ලේ බරපතළකම ලොවටම අවබෝධ කරගත හැකිවාක් මෙන්ම, ඉන් පාඩම්ද ඉගෙනගත හැකිය.
නව දිල්ලියෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 956,348 ක් සහ මරණ 13,193ක් වාර්තා වී ඇති බව නගරයේ සෞඛ්‍ය අධිකාරිය පවසයි.
එසේම නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.