කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වසරේ ගෝලීය කාබන් විමෝචනය 6% කින් පහත වැටෙනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසයි.
එහි මහලේකම් පෙටෙරි තලස් පැවසුවේ එය පරිසරයට කෙටිකාලීන සුබ ආරංචියක් වන නමුත්, 2015 පැරිස් සම්මුතියේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ලෝකය යථාතත්ත්වයට පත් කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.
"මෙම වසංගතය නිසා ඇති වූ තත්ත්වය හරිතාගාර වායු විමෝචනයට සෘජු බලපෑමක් එක්කොට තිබෙනවා" තලස් ජාලගත මාධ්‍ය හමුවකදී පැවසීය. "ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම නිසා මේ වසරේ කාබන් විමෝචනය 6%කින් පහත වැටෙනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා."