නව කොරෝනා වෛරස එන්නතක් සඳහා වන ප්‍රධානම ඉලක්කය වන්නේ මිනිසුන් එයින් රෝගාතුර වීම වැළැක්වීම බවත්, ඇත්ත වශයෙන්ම වෛරසය ආසාදනය වීම වැළැක්වීම එහි දෙවැන්න බව වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
එක්සත් ජනපදයේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම කරුණු අනාවරණය කරයි.
"අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති." ෆවුසි පැවසීය.
ඔහු පැවසුවේ ආසාදනය වළක්වන එන්නතක් කඩිනමින් ලබාගැනීමට හැකි වුවහොත් එය වඩා හොඳ වනු ඇති බවය.
"එන්නත මගින් ඔබට මූලික ආසාදන වැලැක්වීමට ඉඩ දෙන්නේ නම්, එය ඉතා හොඳ වනු ඇති" ෆවුසි පැවසීය. "මෙහිදී මා මෙන්ම වෛද්‍ය වෘත්තිකයන් සෑහීමකට පත්වන මූලික ලක්ෂ්‍ය වන්නේ සායනිකව හඳුනාගත හැකි රෝගී තත්ත්වයන් වැළැක්වීමයි."