කොවිඩ්-19 එන්නත විද්‍යාගාරයේ සිට එන්නත් ලාභියාගේ අතට එය එන්නත් කිරීම දක්වා දීර්ඝ ක්‍රියාවලියක් පවතනි අතර, එහිදී එන්තත් මාත්‍රාවන් නිසි උෂ්ණත්වයේ තබා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු ප්‍රවාහන දාමයක් අවශ්‍ය බව වාර්තා වෙයි.
මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.
පියවර 1 - නිෂ්පාදකයා මාත්‍රාව ට්‍රක් රථවලට ඇසුරුම් කරයි. එන්නත් මාත්‍රා තැන්පත් කළ තැටි විශේෂ අයිස් පෙට්ටිවල ගබඩා කර ඇති අතර, ඒවා වියළි අයිස්වලින් පිරී පවතී. මේ සෑම එකක්ම උෂ්ණත්ව සංවේදකයකින් සහ GPS ට්රැකර්වලින් සමන්විත වේ.
පියවර 2 - එම ට්‍රක් රථ ගුවන් තොටුපළ කරා යන අතර, එන්නත් පිරවූ පෙට්ටි මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට පැටවීම සිදුවේ. ගුවන් යානය තුළත්, එන්නත් විශේෂ සිසිලන බහාලුම්වල ගබඩා කර ඇත. උෂ්ණත්වය නියාමනය කිරීමේ හැකියාව මෙන්ම, යමක් වැරදී ඇත්නම් අනතුරු ඇඟවීමක් එවීමටද ඒවාට හැකිය.
පියවර 3 - ගුවන් යානා රට පුරා ගුවන්තොටුපලවලට ගොඩ වූ පසු, සමහර බහාලුම් විශේෂ සීතල පහසුකම්වල ගබඩා කරයි. අනෙක් ඒවා රෝහල් වෙත රැගෙන යාමට ට්‍රක් රථවල අසුරනු ලබයි. FedEx සහ UPS වැනි භාණ්ඩ ප්‍රවාහන සමාගම් මාත්‍රාව අදාල රෝහල් හෝ ගමනාන්තයට ගෙන යනු ඇත.
පියවර 4 - සෞඛ්‍ය සේවකයන් පසුව මෙම පෙට්ටිවල අසුරා එවූ එන්නත් මාත්‍රාවන් අඩංගු තැටි පෙට්ටිවලින් ඉවතට ගෙන විශේෂ ශීතකරණවල අසුරනු ලබයි. එන්නත් ලබාදීමේදී පසුව කුප්පිවල අඩංගු මාත්‍රාව එන්නත් බවට හැරවීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් එන්නත් ලාභියාට එන්නත ලබාදෙයි.
ලෝකයේ බොහෝ දියුණු රටවලට මෙවැනි එන්නතක් බෙදාහැරීමේ හැකියාව පැවතියත්, එන්නත් අපේක්ෂාවෙන් බලා සිටින ලොව දුගී සහ දියුණු වෙමින් පවතින රටවලට තවමත් දියුණු රටවල එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පෙනේ.