එන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.
ඒ අනුව වහාම එන්නත ලබා ගැනීමට අකමැති වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් තිදෙනෙකු, එනම් එන්නත ලබාගන්නවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැතිව බලා සිටින අඩකට ආසන්න සංඛ්‍යාවක් තමන් නිතර යනඑන තැනක හෝ තම සේවස්ථානයේ එන්නත් ලබාදෙන්නේ නම් හෝ එන්නත ලබාගැනීම වෙනුවෙන් දිරිදීමනාවක් ලබාදෙන්නේ නම් කොවිඩ්-19 එන්නත වෙත පහසුවෙන් යොමුකර ගත හැකි බව එක්සත් ජනපදයේ වැඩිහිටියන් 2,097 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ගුවන් ගමනකට, ජාත්‍යන්තර සංචාරයකට හෝ ක්‍රීඩා තරගාවලියක් නැරඹීම වැනි අවස්ථාවකදී එන්නත අනිවාර්යය කිරීමද වැඩි පිරිසක් එන්නත් කිරීමේ ඉඩකඩ වැඩි කරන බව එහිදී නිගමනය වී තිබේ. එනම් එන්නත සෘජුවම ගොස් ලබා ගැනීමට සුදානම් නැති පුද්ගලයින්ගෙන් හතරෙන් එකක්වත් කියා සිටියේ මෙම හේතු නිසා ඔවුන්ට එන්නත ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බවයි.
මීට අමතරව, වහාම එන්නත ලබා ගැනීමට සූදානම් නැති වැඩිහිටියන්ගෙන් 28% ක් කියා සිටියේ එන්නත ලබාගැනීමට සහ අතුරු ආබාධයක් ඇති වුවහොත් ඉන් සුවය ලැබීම දක්වා පඩි සහිත නිවාඩුවක් සේවා ස්ථානයෙන් ලබා දෙන්නේ නම් එන්නත ලබාගැනීමට පසුබට නොවන බවයි. තවත් හතරෙන් එකක් පමණ පැවසුවේ ඩොලර් 200ක මූල්‍ය දිරිදීමනාවක් ලබාදෙන්නේ නම් ඔවුන්ට එන්නත ලබාගන්නා බවයි. 10න් 2ක් කියා සිටියේ තම සේවායෝජකයා විසින් එන්නත ලබාගැනීම සඳහා වැඩ පිළිවෙලක් සේවස්ථානය තුළම සලසන්නේ නම් ඔවුන් එන්නත ලබාගන්නා බවයි.