චීන ජනාධිපති ෂී ජින්පිං විසින් මතු කරන ලද "මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාව" යන සංකල්පය උපුටා දක්වමින් චීනය යළිත් වරක් කොවිඩ්-19 එන්නත් ගෝලීය පොදු නිෂ්පාදනයක් බවට පත් කිරීමට පොරොන්දු වී තිබ්.
ඒ අනුව වර්තමාන එන්නත් පිළිබඳ තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම් චීනය වේගවත් කරන බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පවසයි.
කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයට වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් චීන විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබාදීමට කටයුතු කරන බවය.
චීන විදේශ අමාත්‍යංශයට අනුව, දැනට තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම්වලට භාජනය වන එන්නත් පහක් රට තුළ පවතී.