කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.
ස්තූති පුද කිරීමේ නිවාඩු දිනය සනිටුහන් කිරීම සඳහා අතථ්‍ය ආකාරයෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද හමුදාවන් සමග අදහස් බෙදාගනිමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.
ඒ අනුව මුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බවද ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.