එක්සත් රාජධානිය විසින් බයෝ එන්ටෙක් සහ ෆයිසර් ඉන්කෝපරේෂන් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත ලබන සතියේ අනුමත කිරීමට නියමිත අතර, ඊට බලය පැවරීමෙන් පැය කිහිපයක් ඇතුළත එම එන්නත බෙදාහැරීම් ආරම්භ කරන බව නිවේදනය කරයි.
බයෝ එන්ටෙක් සහ ෆයිසර් එන්නත භාවිත කරන පළමු වැනි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය 2020 දෙසැම්බර් 7දා සිට සිදුවිය හැකි බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණය කළේය.
එහිදී කොවිඩ්-19 එන්නත් වැඩසටහනේ වගකීම පැවරී ඇති අමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැනට කනිෂ්ඨ ව්‍යාපාරික ඇමතිවරයෙකු වන නදීම් සහාවි පත්කර තිබේ.
ෆයිසර්-බයෝටෙක් කොවිඩ්-19 එන්නතෙහි යෝග්‍යතාවය තක්සේරු කරන ලෙස බ්‍රිතාන්‍යය සිය වෛද්‍ය නියාමකයා වන ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සියෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර, මෙය එක්සත් ජනපදයෙන් පිටත එම තක්සේරුව ලබාදීමට සැරසෙන පළමු වැනි අවස්ථාවද වෙයි.
එක්සත් රාජධානිය විසින් මෙම එන්නත මාත්‍රා මිලියන 40ක් දැනටමත් ඇණවුම් කර ඇති අතර, ගෝලීය වශයෙන් මිලියන 1.4කට වැඩි පිරිසක් ඝාතනය කර, ලෝක ආර්ථිකය අඩපණ කර ඇති නව කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා ෆයිසර්-බයෝටෙක් එන්නතට 95%ක ඵලදායීතාවක් ඇති බව සොයාගෙන ඇත.
එසේම ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග වැඩිදියුණු කරන ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත ලබාදීම සඳහාද එය තක්සේරු කරන ලෙස රජය සිකුරාදා නියාමකයාගෙන් ඉල්ලා සිටියේය. එම එන්නත් මාත්‍රා මිලියන 100ක්ද එක්සත් රාජධානිය මේ වනවිට ලබාගෙන ඇති අතර, නත්තලට පෙර එයද ලබාදීම ආරම්භ කිරීම ඉලක්ක කර තිබේ.