නව කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ ඉතාලිය විසින් සීමාවන් දැඩි කිරීම සඳහා නව පියවර ප්‍රකාශයට පත් කර තිබේ.
මුඛ ආවරණයක් පැලඳ සිටිමින්ම අගමැති ගුසෙප් කොන්ටේ පැවසුවේ නව ආසාදන වළක්වා ගැනීම සඳහා මෙම පියවර අවශ්‍ය බවයි.
ඒ අනුව රාත්‍රී 9.00 ට පසු පොදු ස්ථාන වසා දැමීමට නගරාධිපතිවරුන්ට බලය ලැබෙනු ඇති අතර, අවන්හල් විවෘත කිරීමේ වේලාවන් සහ කණ්ඩායම් ඒකරාශී වියහැකි ප්‍රමාණය සම්බන්ධ නීති දැඩි වනු ඇත.
ඉතාලිය දෙවැනි වරටත් වැඩිම දෛනික ආසාදන අනුපාතය වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ඉරිදා දිනයේ නව ආසාදන 11,705ක් ප්‍රකාශයට පත් කළ අතර, එය සෙනසුරාදා වාර්තා වූයේ ආසාදන 10,925ක් ලෙසිනි.
වසංගතය ආරම්භයේදී යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍ය ඉතාලියයි. එරට මේ වනවිට තහවුරු කර ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 414,000ක් ඉක්මවන අතර, මරණ 36,500ක් ලෙස යුරෝපයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.