පසුගිය මාස දෙක තුළ සතියකට නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගෝලීය වශයෙන් දෙගුණයකට ආසන්න වී ඇති බවත්, එය වසංගතය තුළ මෙතෙක් දැක ඇති ඉහළම අනුපාතයට ළඟා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවයි.
පැපුවා නිව්ගිනියාව සහ බටහිර පැසිෆික් කලාපය පිළිබඳව අවධානය යොමු කළ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ ආසාදන සිද්ධීන් හා මරණ අඛණ්ඩව කනස්සල්ලට පත්වන ලෙස ඉහළ යමින් පවතින බවයි.
මෙය ඒ ඒ රාජ්‍යයන් වසංගතය සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකළ යුතු තීරණාත්මක අවධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙරද අනතුරු ඇඟවූයේ බොහෝ රටවල පාලකයන් මෙන්ම, ජනතාවද වසංගතය ගණනකට නොගන්නා, ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කරන ආකාරය විද්‍යමාන වන නිසාය.