කොවිඩ් ආසාදිත බවට සැක කරන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානිවන අන්දමේ දර්ශන රූගත කිරිමට හෝ විකාශය කිරීමට කටයුතු නොකරන ලෙස රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ ආකාරයට දර්ශන විකාශය කිරීම දිගින් දිගමට සිදුවන බවත් ඒ හරහා යම් පුද්ගලයෙක් නිරෝධායනය වීමට ඉදිරිපත්වීමට මෙන්ම ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත්විම ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාවක් ඇති බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයක දැක්වෙයි.