ඉතාලියේ දෛනික කොවිඩ් 19 ආසාදිත වාර්තාවීම් ඉහළ ගියත් නැවත වරක් ඉතාලිය අගුළු දැමිමක් සිදු කිරිමට බලාපොරොත්තු නොවන බවත් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (22) පැවසීය.
ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් නැවත වරක් වැඩිවීමට සාපේක්ෂව කොවිඩ් මරණ හා දැඩි සත්කාර ඒකකයන්ට ඇතුල් කරන රෝගින්ගේ ප්‍රමාණය අඩු වි තිබෙන බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ (22) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 1071 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (22) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 3 ක් වාර්තා වි තිබේ.
ඊයේ (22) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,430 ක් සමස්ත ආසාදිතයන් 258,136 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්ර්රනාන්දු