ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් මිලියනය ඉක්මවා යමින්, අද (29දා) අලුයම වනවිට 1,012,399ක් ලෙස සටහන් විය.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් එරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 58,348ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි. ඇමෙරිකාව මුලින් කොවිඩ්-19 නිසා එරට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ලෙස පුරෝකථනය කළ 60,000ක මරණ සංඛ්‍යාවට ආසන්න වීමකි. නමුත් දැනට පවතින තත්ත්වය අනුව මෙම අගය ඉතා පහසුවෙන් ඉක්ම යෑමක් දැකිය හැකිය.
එමෙන්ම වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන් 115,648ක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එරට තුළ මේ දක්වා කොවිඩ්-19 පරීක්ෂණ 5,795,728ක් සිදුකර ඇත.