මත්පැන් පානය කිරීමෙන් ඔබව කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා නොකරන අතර, එයින් වෛරසය විනාශ නොවන බවත්, මත්පැන් පානය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා අඩපණ වී ඔබේ සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා ජනතාවට අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙසත්, කොරෝනා වෛරස් වසංගතය අතරතුර රෙගුලාසි ලිහිල් කිරීමෙන් වළකින ලෙසත්ය.
නිදසුනක් වශයෙන් යුරෝපා කලාපය අධික ලෙස මත්පැන් පානය කරන අතර, එම කලාපයේ ජනතාව මේ වනවිට වෛරසයේ ප්‍රබල ගොදුරු බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු කරීනා ෆෙරෙයිරා-බෝර්ජස් සඳහන් කරයි.
වසංගතයක් අතරතුර මත්පැන් පානය මිනිසුන්ගේ සෞඛ්‍යයට මෙන්ම ඔවුන්ගේ ප්රචණ්ඩත්වය ඇතුළු අන් අය කෙරෙහි ඔවුන්ගේ හැසිරීමේ බලපෑම යන දෙකටම හානිකර ද්‍රව්‍යයක් බව පෙන්වා දෙන ඇය, මෙවැන් ජනතාව නිවෙස්වලට කොටු කර තැබීමේදී අප ගන්නා අවදානම් මොනවාදැයි අප අපෙන්ම විමසිය යුතු බවද අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය පැමිණෙන්නේ කොවිඩ්-19 වටා වැරදි තොරතුරු අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුළ දිගටම සංසරණය වෙමින් පවතින අවස්ථාවකය. එහිදී ඉහළ ප්‍රතිශතයකින් යුතු එතිල් මධ්‍යසාර හෝ එතනෝල් පානය කිරීමෙන් කොරෝනා වෛරසය මරා දැමිය හැකිය යන මිථ්‍යාවද අන්තර්ජාලයේ හුවමාරු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාණය කරන්නේ එවැන්නක් කිසිසේත්ම සිදු නොවන බවය. එහිදී මත්පැන් විශේෂයෙන් මෙතිනෝල් සමඟ මිශ්‍ර කර ඇත්නම් දැඩි සෞඛ්‍ය ප්‍රතිවිපාක හෝ මරණයට පවා හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. දුම්පානයද කොරෝනා වසංගතය පැතිරෙන කාලයේදී වැඩි අවදානමක් ගෙන දෙන බව විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.