ඉන්දියාවේ කොවිඩ්-19 අවදානම අතිශය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති පසුබිමක අග්‍රාමාත්‍ය මෝදි හින්දු කෝවිලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගි වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද මෙම වෛරසයට ගොදුරුව ඇති පසුබිමක තමාගේ ආරක්ෂාව මෙන්ම සෙසු අයගේද ආරක්ෂාව සඳහා මෙය අනවශ්‍ය අවදානම් දැරීමක් බවට චෝදනා එල්ල වෙයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමකට සහභාගී වී දින හතරකට පසුව මෝදි රජයේ ජ්‍යෙෂ්ඨතමයෙකු මෙන්ම ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා දිල්ලිය අසල පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ වෛරසයට ධනාත්මක පරීක්ෂාවකින් පසුවය.
කෙසේ වෙතත් විවාදයට තුඩුදී ඇති උතුරු අයෝධ්‍යාවේ හින්දු දෙවොල වෙත අගමැතිවරයා මුල්ගල් තබන බව ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්ෂෙත්ර භාරය පවසයි.
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,803,695ක් ලෙස සටහන් වන අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 38,135කි.