කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂ්‍ය මිලියන 891 දක්වා ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුව රුපියල් මිලියන 2.5ක, ලංකා ඉන්දියන් ඔයිල් PLC ආයතනය රුපියල් මිලියන 05ක, කේ.ඩී.යූ. ගුණරත්න මහතා රුපියල් මිලියනයක සහ ඒ.පී.බී. සේනගම මහතා රුපියල් දෙලක්ෂයක මූල්‍ය පරිත්‍යාග COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් පරිත්‍යාග අග්‍රාමාත්‍යතුමා විසින් ඊයේ (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ නිව් සවුත් වේල්ස්හි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සෘජුව තැන්පත් කර ඇති රුපියල් මිලියන 1.5ක් සමග COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 891 ඉක්මවා තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.