කෝවිඩ් 19 වසංගතයෙන් ඉතාලියේ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් 130 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පූජකවරුන් 115 ක් හා කන්‍යා සොයුරියන් 20 කට අධික සංඛ්‍යාවක් මෙලෙස මියගොස් ඇති බවට තොරතුරු ලැබි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඉතාලියේ ලොම්බාර්දියා පළාතේ වැඩිම පූජක පිරිසක් මියගොස් ඇති බව වාර්තා වු බවත් පියමොන්තේ පළාතේ වැඩිම කන්‍යා සොයුරියන් මියගොස් ඇති බව වාර්තා වු බවත් එම පළාතේ පිහිටි කන්‍යාරාමයක ජිවත් වු කන්‍යා සොයුරියන් 46 දෙනෙක් අතරින් 45 ම කෝවිඩ් ආසාදනය වි තිබු බවත් එයින් දස දෙනෙකු මියගිය බවට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු