කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සම්බන්ධ විවිධ දත්තවල සංකීර්ණ බව තේරුම් ගැනීමට මේ ඉලක්කම්වල සිදුව ඇති වෙනස්වීම් ඔබට පැහැදිලි කරනු ඇත.
(1.) මේ වනවිට ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 211කින් කොවිඩ්-19 රෝගීන් වාර්තා වී තිබේ. ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයකම ආසාදිතයන් වාර්තා වෙයි.
(2.) ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදය, පසුගිය අප්‍රේල් 14දා එක් දිනක් තුළ වැඩිම කොරෝන වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවක් කරා ළඟා වූ දිනයයි. එදින මරණ 2,405ක් වාර්තා විය.
(3.) යුනෙස්කෝවට අනුව පාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
(4.) කොවිඩ්-19 වසංගතය තුළ ගෝලීය ආර්ථිකයට අහිමි විය හැකි සමස්ත මුදල ඇ.ඩො.ට්‍රිලියන 2ක් පමණ වනු ඇති බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව පවසයි.
(5.) ඇමරිකානුවන් මිලියන 22ක් පසුගිය මාසය තුළ විරැකියා සහනාධාර සඳහා ඉල්ලුම් කර තිබේ.