කොවිඩ් 19 සම්බන්ධයෙන් පැනවූ ක්‍රියාමාර්ග ලිහිල් කළද එම රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව පූර්ව කොවිඩ් සමයේදී ගෙවූ ජිවිතය ඒ ආකාරයෙන්ම පශ්චාත් කොවිඩ් සමයේදී ගෙවිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි දන්නවා පූර්ව කොවිඩ් 19 සමය තුළ අපි ජීවත් වූ ආකාරය. අපි දැන් ගෙවන්නේ පූර්ව පශ්චාත් කොවිඩ් සමය. මේ කාලය තුළ අපිට අනිවාර්යෙන් සිදධ වෙනවා පූර්ව කොවිඩ් සමයේ අපි ජීවත් වුණාද ඒ ආකාරයට අපිට ජීවත් වෙන්න බෑ.
අපේ සමාජ ජිවිතයට ආගන්තුක වූ වචන හා ක්‍රියාකාරකම් එකතු වුණා. මේ ලිහිල් කිරීම කරන අතරේ රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය කරගෙන යන්න වෙනවා.
මෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.
මේ කාලය තුළ පසුගිය මාස දෙක තුන තුළ අපි උපයාගත් යම්කිසි ක්‍රමවේදනයන් දිගින් දිගටම ගෙන යා යුතුයි.
මේ සඳහා අපි සකස් කර තිබෙනව මාර්ගෝපදේශ, නීතිගත කර ඇති කරුණු තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
සමස්ත සමාජය ඒ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි.
යම් ආකාරයක රෝගීන් හමුවෙන්න පුළුවන්. රෝගීන් හමුවීමේදී ක්‍රියාත්මක වෙන ආකාරය ගැන සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගන්නවා. උණ කැස්ස තිබෙනවා නම් අපි විසින් නම්කර ඇති රෝහල් 30න් එකකට ඇතුළත් වන්න.”