කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක මට්ටමේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන, ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව තවමත් බලපැවැත්වෙන බව එම සංවිධානය නිවේදනය කරයි.
"කොවිඩ් -19 වසංගතය අවසන් නැහැ" යනුවෙන් කමිටු සාමාජික වෛද්‍ය ඩිඩියර් හවුසින් ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳව තව බොහෝ දේ ඉගෙන ගත හැකි බව පැවසූ වෛද්‍ය හවුසින්, වර්තමානයේදී කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා එන්නතක් හෝ බලපත්‍රලාභී චිකිත්සාවක් තවම නොමැති බවද අවධාරණය කළේය.
මෙම වසංගතයේ තත්ත්වය තක්සේරු කිරීම සහ ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් යතු කමිටුව යළි කැඳවීය. බලධාරීන් පැවසුවේ කමිටුව දින 90කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට පෙර යළි කැඳවන බවය.