වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.
එය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහපොළ වරාය සහ සමුද්රීධය විද්‍යායතනයේදී සිදු විය.එහිදී, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව මැඩපවත්වා ගැනීමට හැකි වී ඇති කොවිඩ්-19 වසංගතය මර්ධනය පිළිබඳව සභාපති ජෙනරාල් රත්නායක මහතා අදහස් ප්‍රකාශ කරනු ලැබීය.
"මෙම වෛසරය පැතිරීම ආරම්භ වූ අවධියේ සිටම ජනාධිපතිතුමා විසින් මෙහි ඇති බරපතළකම නිවැරදිව හඳුනා ගනු ලැබුවා. ඉන් පසු රට තුළ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමත් සමග වඩාත් නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකිවුණා. මේ නිසා අපට රටක් හැටියට ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා.
එහෙත්, මෙම වසංගතය විසින් ලබාදී ඇති අභියෝග තවදුරටත් පවතිනවා. එම අභියෝග ජයගැනීමට අපි සියලු දෙනාගේම සහයෝගය ඉතාම වැදගත් වෙනවා. මේක තනි පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට පමණක් කිරීමට හැකි දෙයක් නෙමෙයි. මෙය අපි සියල්ලන්ටම එක හා සමාන වගකීමක් පැවරෙන ක්‍රියාවලියක්," ජෙනරාල් රත්නායක මහතා සඳහන් කළේය.