ශීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ්-19 ආසාදන මැඬපැවැත්වීම සඳහා තායිලන්තයේ අගනුවර සහ අවට පළාත්වල දැඩි සීමාවන් පනවා තිබේ.
එරට කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය අද (09දා) නිවේදනය කළේ ජූලි 12දා සිට බලපැවැත්වෙන නව සීමා කිරීම් මාලාවක් සහ මහජනතාවගේ සංචරණය තවදුරටත් සීමා කරන බවයි.
බැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.