එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 157 දෙනෙකු මියගොස් ඇති බව ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.
ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
මෙසේ ආසාදනය වූ පිරිස අතර අලුතින් වෛරසය ආසාදනය වූ බවට පුද්ගලයන් 5,707ක් හඳුනාගෙන ඇති බවද ඔහු පවසයි.
අද වනවිට පුද්ගලයන් 78,000ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එක්සත් ජනපදය පුරා සිදුකෙරෙන සියලුම පරීක්ෂණවලින් 25%ක් පමණ සිදු කරනු ලබන්නේ නිව්යෝක් නුවර ය.
ධනාත්මක රෝගීන්ගෙන් 13%ක් රෝහල් ගත කරන බවත්, එම පිරිසෙන් 24% කට රෝහල් දැඩි සත්කාර ඒකක අවශ්‍යව ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.