කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි 14,641ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තාවන්ට අනුව මේ වනවිට ලොව පුරා 335,000ක අධික ආසාදිතයන් පිරිසක් හමුවී ඇත.
චීනයේ හුබෙයි පළාතෙන් පස් වැනි දිනටත් නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර, චීනය මේ වනවිට වෛරසය පාලනයට සමත්ව ඇති බව පැහැදිලි වෙයි.
කෙසේ වෙතත් ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව ආදී යුරෝපා හා ඇමෙරිකානු මහද්වීපයේ වෛරසය ආසාදනය වීම් සහ ඉන් සිදුවන ජීවිතහානි වේගවත් වී තිබේ.