කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020 මාර්තු 20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්රතිමූල්ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.
මේ යටතේ බලපත්‍රලාභී බැංකු විසින් රු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර දන්වා සිටියේ මෙම කාලය 2020 අප්‍රේල් 30 වැනිදායින් අවසන් වන බවය.
මීට අමතරව කොවිඩ්-19 ව්‍යසනය නිසා වැඩ කටයුතු අඩාල වූ සහ විදේශයන් හි පොදු පහසුකම් හා සේවා කටයුතු වසා දැමීම් නිසා අගතියට පත් සියලු ණය ගැනුම්කරුවන් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ අදාළ සහන ලබාදීමට මූල්‍ය ආයතන විසින් කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටි අතර, ඒ සඳහා අන්තර්ජාල පහසුකම් හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ සහන අපේක්ෂා කරන බවට 2020 අප්‍රේල් 30 වැනි දිනට ප්‍රථම ඉල්ලීම් කළ යුතු බවද සඳහන් විය.
මේ අනුව මෙම කාලසීමාවද 2020 මැයි 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.