ගෝලීය වශයෙන් සහ සාර්ක් කලාපය තුළ වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම පිළිබඳව සාර්ක් රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි.
අද (15දා) සවස 05:15 ට ආරම්භ වූ වීඩියෝ සංවාදයට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වෙති.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් යෝජනා කරන ලද මෙම සම්මන්ත්‍රණයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කළ කොවිඩ්-19 හි පොදු ගැටළුව විසඳීම සඳහා සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු සාර්ක් රටවල් එක් තිබේ.