කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් අතර චීනය අභිභවා තුර්කියත් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාව ඉදිරියෙන් සිටින අතර, එරට ආසාදිතයන් 759,086 සමග මරණ 40,661ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 70,337කි.
දෙවනුවට වැඩිම ආසාදිත පිරිස ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම අගය 198,674කි. මරණ සංඛ්‍යාව 20,453ක් වන අතර, සුවය ලැබූවන් 77,357කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර, එය 178,972කි. ආසාදිත මරණ 23,660ක් වන අතර, සුවය ලැබූවන් 47,055කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ එම අගය 154,097කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 19,744ක් වන අතර, සුවය ලැබූවන් 37,183කි.
පස්වනුව වැඩිම ආසාදිත පිරිස ජර්මනියෙනි. එම අගය 145,184කි. එරටින් වර්තා වන මරණ 4,586ක් වන අතර, සුවය ලැබූවන් 88,000කි.
හයවනුව වැඩිම ආසාදිත පිරිස මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම අගය 121,172කි. මරණ සංඛ්‍යාව 16,095ක් වන අතර, සුවය ලැබූවන් 436ක් පමණි.
හත්වනුව වැඩිම ආසාදිත පිරිස ලෙස චිනය අභිභවා තුර්කිය ඉදිරියට පැමිණ ඇති අතර එම අගය 86,306කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,017ක් වන අතර, සුවය ලැබූවන් 11,976කි.