කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් 10 අතර චීනය අභිභවා ඉරානයත් ආසාදිත සංඛ්‍යාවෙන් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් හා ආසාදිත මරණ වාර්තා වන රට ලෙස ඇමෙරිකාව ඉදිරියෙන් සිටියි.
දෙවනුවට වැඩිම ආසාදිත පිරිස ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම අගය 223,759කි. මරණ සංඛ්‍යාව 22,902ක් වන අතර, සුවය ලැබූවන් 95,708කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර, එය 195,351කි. ආසාදිත මරණ 26,384ක් වන අතර, සුවය ලැබූවන් 63,120කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ එම අගය 161,644කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 22,614ක් වන අතර, සුවය ලැබූවන් 45,372කි.
පස්වනුව වැඩිම ආසාදිත පිරිස ජර්මනියෙනි. එම අගය 156,418කි. එරටින් වර්තා වන මරණ 5,873ක් වන අතර, සුවය ලැබූවන් 109,800කි.
හයවනුව වැඩිම ආසාදිත පිරිස මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම අගය 150,000කට ආසන්න වෙමින් 149,569ක් ලෙස වාර්තා වෙයි. මරණ සංඛ්‍යාව 20,381ක් වන අතර, සුවය ලැබූවන් 774ක් පමණි.
හත්වනුව වැඩිම ආසාදිත පිරිස වාර්තා වන්නේ තුර්කියෙනි. එම අගය 107,773කි. තුර්කියේ ආසාදිත මරණ 2,706ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 25,582කි
අටවනුව වැඩිම ආසාදිත පිරිස ලෙස චිනය අභිභවා ඉරානය දැන් ඉදිරියට පැමිණ ඇති අතර එම අගය 89,328කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,650කි. කෙසේ වෙතත් සුවය ලැබූවන් 68,193ක් ඉරානයෙන් වාර්තා වෙයි.