නව කොරෝනා වෛරස රෝගයට ගොදුරු වීමෙන් පසු සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව රෝහල්ගත වූ රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින්, සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇති බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.
රෝහලේ පිටව යෑමෙන් අනතුරුව අගමැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත රැස්වීමක් පවත්වා ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාවක් සඳහා සූදානම් වෙමින් සිටි බව රුසියානු රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය ඔහුගේ මාධ්‍ය ලේකම් උපුටා දක්වමින් වැඩිදුරටත් පවසයි.
කොරෝනා වසංගතය අතරතුර පූටින් සිය කැබිනට් සාමාජිකයින් සහ ඔහුගේ රජයේ අනෙකුත් ඉහළ නිලධාරීන් සමඟ වීඩියෝ සම්මන්ත්රණ රැස්වීම් පවත්වා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව රුසියාවේ වෛරස ආසාදිතයන් 299,941ක් සහ මරණ 2,837ක් වාර්තා වී තිබේ.