කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 300,000 සීමාව ඉක්මවා ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බවද එම වාර්තා වැඩිදුරටත් කියයි.
නව කොරෝනා වෛරසය පැතිර යාම ප්‍රථම වරට වාර්තා වූයේ 2019 දෙසැම්බර් මාසයේදී මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙනි. මේ වනවිට චීනය තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබුණත්, ලෝකයේ වෙනත් රටවල වෛරසය පැතිර යමින් පවතී. ඒ අනුව, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා අනුව දැනට ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිත පිරිස 304,000 ඉක්මවා ඇති බව තහවුරු වී තිබේ.
චීනයේ තහවුරු කළ රෝගීන් 81,498ක් (විදේශයන්ගෙන් පැමිණි 314ක් ඇතුළුව) වාර්තා වූ අතර, මරණ 3,267ක් (හොංකොං හි 4ක් සහ තායිවානයේ 4කක් ඇතුළුව)වාර්තා විය. එමෙන්ම ආසාදිතයන්ගෙන් 72,382ක් සුවය ලැබීය. පසුගිය දින හතර තුළ මධ්‍යම හුබෙයි පළාතේ නව කොවිඩ්-19 රෝගීන් වාර්තා වී නොමැත.
දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර එය චීනයට වඩා වැඩිය. මේ නිසා ඉතාලිය වසා දැමීම දීර්ඝ කර ඇත.
එක්සත් ජනපදය විසින් රෝගීන් 25,000කට වඩා තහවුරු කර ඇති අතර, මරණ 307කට වඩා වැඩි බව කියයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නගරය ප්‍රධාන ආපදා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.