එක්සත් ජනපදයේ ජනතාව කොවිඩ්-19 වසංගතය තුළ අත්විඳින මානසික ආතතිය දුරලීම අරමුණු කරමින්, එරට සී.එන්.එන්. සේවයේ වැඩසටහනක් වෙත භාවනා උපදේශක ජෝන් කබට්-සින් කැඳවා තිබුණේ භාවනාව මේ මොහොතේ ජනතාවට වැදගත්බව අඟවමිනි.
ඒ අනුව සී.එන්.එන්. සේවයේ ඇන්ඩර්සන් කූපර් සිය දෑස් පියාගත් පසු, එරට භාවනා උපදේශක කබට්-සින් භාවනා සැසිය ආරම්භ කළේ සීනුවක් හඬවමින්, එම ශබ්දයට නිහඬව ඇහුම්කන් දෙන ලෙසත්, ශරීරයේ ආශ්වාසය හා ප්රාශ්වාසය පිළිබඳ සිහියෙන් සිටින ලෙසත් ප්‍රේක්ෂකයාට උපදෙස් ලබාදෙමිනි.
"ඔබ මෙය කරන විට ඔබේ සිහිය වර්තමානයේ මේ මොහොතට එලැඹෙනවා" ඔහු පැවසීය. "හුස්ම විසින් ඔබට මේ මොහොතේ සිත පවත්වා ගැනීමට මාර්ගයක් සකසනවා. ඒ තුළ ඔබ රැඳෙනවා."
දිනකට මිනිත්තු පහක් වැනි කෙටි කාලයක් භාවනා කිරීමේ සරල පුරුද්දක් ඇතිකර ගැනීමෙන්, මානසික ආතතිය හා ජීවිතයේ ඇතිවන විවිධ හැලහැප්පීම්වලදී මිනිසුන්ට විශේෂයෙන් උපකාරී වන ප්‍රබල මානසික හා ජීවවිද්‍යාත්මක ප්රතිලාභ ලබාගත හැකි බව උපදේශක කබට්-සින් අවධාරණය කරයි.
"එලැඹ සිටි සිහියෙන් සිටීම තුළ විවේක ගැනීම සඳහා ඉගෙනීමට නිතිපතා මේ ව්‍යායාමය කිරීමෙන් ඔබට අවස්ථාව උදාවේවි. එය ඔබේ ශරීරයේ ආශ්වාසය හා ප්රාශ්වාසය වැලඳ ගැනීමක් වේවි." ඔහු පැවසීය. "එයින් ඔබේ ශරීරයේ ජෛවරසායනික පරිවර්තනයක් කළ හැකියි. එය ඔබේ මොළයේ ක්රියාකාරීත්වයද විවිධාකාරයෙන් ප්‍රතිසංවිධානය කරනු ඇති."
භාවනා උපදේශක කබට්-සින් පවසන්නේ, මෙහිදී කිසිවක් නොකරන බවක් ඔබට පෙනෙනු ඇති බවය.
"ඔව්, එය කිසිවක් නොකිරීමක් විය හැකියි. මම එය 'නොකිරීම' ලෙස හැඳින්වීමට කැමතියි. ඇත්ත වශයෙන්ම ඔබට සමහර විට කිසිවක් 'නොකිරීමේ' පුහුණුව තුළින්ම, වැඩි වැඩ කොටසක් කිරීමට ශක්තිය ලැබෙනු ඇති." ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.