කුවේට්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි
- 27 09 2020
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්යප
කුවේට්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 දා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.
තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා [email protected] විද්යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
